YouVersion Logo
Search Icon

ගීතාවලිය 89:1-8

ගීතාවලිය 89:1-8 SCV

ස්වාමින්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැන මම සදහට ම ගායනා කරන්නෙමි; ඔබගේ විශ්වාසවන්තකම මම මගේ මුවින් සියලු පරම්පරාවලට දන්වමි. ඔබගේ නොමියෙන ප්‍රේමය සදා ස්ථාවර බැව් ද ඔබගේ විශ්වාසවන්තකම ස්වර්ගයෙහි ඔබ ස්ථාපන කළ බැව් ද මම ප්‍රකාශ කරන්නෙමි. ඔබ මෙසේ කියා ඇත: මවිසින් තෝරා ගන්නා ලද්දාණන් සමඟ මම ගිවිසුමක් කළෙමි, මගේ සේවක දාවිත්ට මම මෙසේ දිවුළෙමි, “ඔබේ වංශය, මම සදාතනික ව පිහිටුවමි; ඔබේ සිහසුන, සියලු පරම්පරාවලට ගොඩ නගමි.” සෙලා ස්වර්ගීයයෝ ඔබගේ ආශ්චර්යයන් වර්ණනා කරති, අහෝ ස්වාමින්වහන්ස, ශුද්ධවතුන්ගේ එක්රැස්වීමේදී ඔබගේ විශ්වාසවන්තකම ද වර්ණනා කෙරේ. ස්වර්ගවල කවරකු ස්වාමින්වහන්සේ හා සසැඳිය හැකි ද? ස්වර්ගීයයන්ගෙන් කවරකු ස්වාමින්වහන්සේ හා සමාන ද? ශුද්ධවතුන්ගේ සභාවේදී අතිශය භය පක්ෂපාතීත්වය ලැබිය යුත්තාණෝ දෙවියන්වහන්සේ ය; උන්වහන්සේ වටා සිටින්නවුන්ට වඩා ඉතාමත් භයංකාර තැනැත්තාණෝ ද උන්වහන්සේ ය. අහෝ ස්වාමින්වහන්ස, සේනාංකාධිපති දෙවියන්වහන්ස, ඔබ හා සමාන අන් කවුරු ද? ඔබවහන්සේ පරාක්‍රමවත් ය; අහෝ ස්වාමින්වහන්ස, ඔබ වටකර ගෙන ඇත්තේ, ඔබගේ විශ්වසනීයත්වයයි.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 89:1-8