ගීතාවලිය 87:3-6
ගීතාවලිය 87:3-6 SCV
එම්බා දෙවියන්වහන්සේගේ පුරවරය, නුඹ ගැන උත්කර්ෂවත් දෑ පැවසේ. සෙලා. “මා පිළිගන්නා ජාතීන් අතරේ රහබ් හා බබිලෝනිය මම සඳහන් කරන්නෙමි; පිලිස්තියාව ද කූෂ් සමඟ තීර් ද ගැන මෙසේ කියැවේ: ‘මොහු සියොනෙහි උපන්නෙකි.’ ” සැබවින් ම, සියොන ගැන මෙසේ කියැවේ, “මොහුත්, ඔහුත් උපත ලබා ඇත්තේ ඇය තුළ ය; මහෝත්තමයාණන් ඇය ස්ථාපිත කරනු ඇත.” ස්වාමින්වහන්සේ ජනයින් ලේඛනගත කරන කල, මෙසේ ලියනු ඇත: “මොහු සියොනෙහි උපන්නෙකි.” සෙලා




