ගීතාවලිය 86:9-12
ගීතාවලිය 86:9-12 SCV
ඔබ විසින් සෑදූ සියලු ජාතීන් ඔබ අබියසට අවුත්, ඔබට නමස්කාර කරනු ඇත අහෝ ස්වාමිනි, ඔබගේ නාමයට ඔවුන් මහිමය ගෙනෙනු ඇත. මන්ද ඔබවහන්සේ උත්තම ය; ආශ්චර්යවත් දෑ කරන සේක. ඔබවහන්සේ පමණක් දෙවියන්වහන්සේ ය. ඉගැන්නුව මැනව මට ඔබගේ මාර්ග, අහෝ ස්වාමින්වහන්ස, එවිට මම ඔබගේ සත්‍යයෙහි ගමන් කරන්නෙමි. ඔබගේ නාමයට මා භය පක්ෂපාත වන පිණිස, නො බෙදුනු හදවතක් මට දුන මැනවි. අහෝ ස්වාමිනි, මගේ දෙවියන්වහන්ස, මගේ මුළු හදවතින් ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි; සදහට ම ඔබගේ නාමය ගෞරවයට පමුණු වන්නෙමි.





