ගීතාවලිය 75
75
ගීතාවලිය 75
සංගීත අධ්‍යක්ෂක වෙත. “වනසා නො දමන්න” යන තනුවට අනුව. ආසාෆ්ගේ ගීතයකි. ගීයකි.
1අපි ඔබට ස්තුති දෙන්නෙමු අහෝ දෙවියන්වහන්ස,
අපි ඔබට ස්තුති දෙන්නෙමු. මන්ද ඔබගේ නාමය අපට සමීප ය;
මනුෂ්‍යයෝ ඔබගේ අපූර්ව ක්‍රියා ගැන පවසති.
2ඔබවහන්සේ පවසන්නේ, “මා නියම කරන නිසි කාලයට,
මම අපක්ෂපාතී ව විනිශ්චය කරන්නෙමි.
3එතුළ වෙසෙන මුළු මහත් ජනයා සමඟින් මේ මහ පොළොව උණු ව යන්නට වන් කල,
එහි කුලුනු නො සෙල්වෙන ලෙස අල්ලා ගන්නේ මම ය. සෙලා
4‘තවත් පුරසාරම් එපා’ යි අහංකාරීන්ට මම කියමි;
දුෂ්ටයිනට මම කියන්නේ, ‘නුඹලාගේ උඩඟුවේ අං නො ඔසවනු.
5නුඹලාගේ උඩඟුවේ අං ඉහළට නො ඔසවනු;
උදාරමින් ගෙල දිගු කර, නො දොඩවනු’ කියා ය.”
6මන්ද ඉහළට එසවීම, නැගෙනහිරින්වත්, බස්නාහිරින්වත්
නැතහොත් කාන්තාරයෙන්වත් පැමිණෙන්නේ නැත.
7එහෙත් කෙනකු පහත් කරමින් හා අනෙකකු උසස් කරමින්,
විනිශ්චය ක්‍රියාවට නගන්නේ දෙවියන්වහන්සේ ය.
8 ස්වාමින්වහන්සේගේ අතේ කුසලානෙකි,
රසකාරක මුසු, පෙණ දමන මිදි යුෂවලින් එය පිරිලා ය;
උන්වහන්සේ එය පිටත හලන සේක,
මිහි මත සියලු දුෂ්ටයෝ අන්තිම බිඳුව දක්වා ම එයින් බොන්නෝ ය.
9මම, සදහට මේ ගැන ප්‍රකාශ කරන්නෙමි;
යාකොබ්ගේ දෙවියන්වහන්සේට මම පැසසුම් ගී ගයන්නෙමි.
10සියලු දුෂ්ටයින්ගේ උඩඟු අං, මම සිඳ දමන්නෙමි,
එහෙත් දමිටුවන්ගේ අං, උසස් කරනු ලබන්නේ ය.
Currently Selected:
ගීතාවලිය 75: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: