ගීතාවලිය 70:1-5
ගීතාවලිය 70:1-5 SCV
ඉක්මන් වුව මැන මා ගලවන්නට අහෝ දෙවියන්වහන්ස, කඩිනමින් ආ මැනව මගේ උපකාරයට, ස්වාමින්වහන්ස. මගේ ජීවිතය නැසීමට සොයන සියල්ලෝ ලජ්ජාවටත් වියවුලටත් පත් වෙත්වා! මගේ විනාශය ප්‍රාර්ථනා කරන සියල්ලෝ නින්දාවෙන් ආපසු හරවනු ලබත්වා! “ඔහෝ! ඔහෝ!” කියමින් මට සමච්චල් කරන්නෝ තමන්ගේ ලජ්ජාවේදී ආපසු හරවනු ලබත්වා! එහෙත් ඔබගේ සරණය සොයන්නෝ ඔබ තුළ ප්‍රීති වෙත්වා! ප්‍රමෝද වෙත්වා! ඔබගෙන් ලැබෙන ගැලවීමට ප්‍රේමවන්නෝ, “දෙවියන්වහන්සේ උත්කෘෂ්ට යැ” යි නිරතුරු ව කියත්වා! එනමුදු මම දුගියෙක්මි; දුප්පතෙක්මි; විගසින් ආ මැනව මා වෙත, අහෝ දෙවියන්වහන්ස. මගේ උපකාරය ද මගේ ගැලවුම්කරුවාණෝ ද ඔබ ය. පමා නූව මැනව අහෝ ස්වාමින්වහන්ස.




