ගීතාවලිය 7
7
ගීතාවලිය 7
බෙන්යමින් වංශික කූෂ් නිසා දාවිත් ස්වාමින්වහන්සේට ගායනා කළ ෂිග්ගායොන්#7:0 සාහිත්‍යමය හෝ සංගීතමය යෙදුමක් විය හැක නම් කාව්‍යයකි.
1අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, මම ඔබ තුළ රැකවරණ ලබන්නෙමි;
මා ලුහුබැඳ එන සියල්ලන්ගෙන් මා ගලවනු මැන, මා බේරාගත මැන.
2නැතහොත්, සිංහයකු සේ උන් මා ඩැහැගෙන ගොස්,
කිසිවකුට මුදා ගත නො හැකි තැනකදී කීතු කීතුවලට මා ඉරා දමනු ඇත.
3අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස,
මම කෙනකුට වරදක් කළෙම් නම්, මා අත අයුක්තිය වේ නම්,
4මම මගේ මිතුරා පාවා දුන්නෙම් නම්, නොහොත් මට සතුරුවූවන්ගේ දෑ
අහේතුක ව උදුරා ගත්තෙම් නම්,
5මගේ සතුරා මා ලුහුබැඳ අවුත්, මා අල්ලා ගනිත්වා!
ඔවුහු මා බිම දමා පාගා දමත්වා,
මගේ කීර්තිය දූලියෙහි බාවා තබත්වා! සෙලා
6නැගිටිනු මැන අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ කෝපයෙන්;
නැගී සිටිනු මැන රුදුරු කෝපයට එරෙහිව මගේ සතුරන්ගේ;
පිබිද සිට යුක්තිය ප්‍රකාශ කළ මැනව, මගේ දෙවියන්වහන්ස.
7ජනතාවෝ එක් රැස් වී ඔබ වටකර ගනිත්වා;
ඔවුනට ඉහළින් උසස් තැන්හි සිහසුන්ගත වන්න.
8ජනයින් විනිශ්චය කරන්නේ ස්වාමින්වහන්සේ ය;
මගේ දැහැමිකමට අනුව, මගේ අවංකකමට අනුව
මට යුක්තිය ඉටු කළ මැනව අහෝ මහෝත්තම ස්වාමින්වහන්ස.
9ධර්මිෂ්ඨ දෙවියන්වහන්ස,
සිත් හා හදවත් පිරික්සන්නේ ඔබ ය.
අදමිටුවන්ගේ සැහැසිකම් නිමාවට පත් කරමින්,
දමිටුනට පිහිට වුව මැනව.
10මගේ පලිහ මහෝත්තම දෙවියන්වහන්සේ ය.
උන්වහන්සේ හදින් අවංකවූවන් ගලවන සේක.
11දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ විනිසුරුවාණන් කෙනෙක;
හැම දිනක ම දුෂ්ටකමට උදහස් ව තීන්දු දෙන සේක.
12යමෙක් පසුතැවිලි ව නො හැරෙන්නේ නම්,
උන්වහන්සේ තම අසිපත මුවහත් කරනු ඇත.
තම දුන්න තැත් කවා ඉලක්කය අල්ලන සේක.
13උන්වහන්සේ තම මාරක අවි, සූදානමින් තැබූ සේක්,
තම ගිනි-හී, එල්ල කරන සේක.
14බලව දුෂ්ටයා නපුර පිළිසිඳ, විපත ගැබ් දරා,
මිථ්‍යාව ප්‍රසූත කරන්නේ ය.
15අනුන් වැටෙන්නට වළක් හාරන්නා,
තමා හෑරූ වළෙහිම වැටෙන්නේ ය.
16ඔහු සැලසූ විපත්ති, ඔහු පිටට ම කැරකී එන්නේ ය.
ඔහුගේ සැහැසිකම් ඔහුගේ හිසට ම පාත්වන්නේ ය.
17 ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨ ව ක්‍රියා කරන නිසා මම උන්වහන්සේට ස්තුති පුදන්නෙමි.
මහෝත්තම ස්වාමින්වහන්සේගේ නාමයට මම ප්‍රශංසා ගී ගයන්නෙමි.
Currently Selected:
ගීතාවලිය 7: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: