ගීතාවලිය 66
66
ගීතාවලිය 66
සංගීත අධ්‍යක්ෂක වෙත. ගීයකි. ගීතයකි.
1පොළොවෙහි සියල්ලෙනි, දෙවියන්වහන්සේට ප්‍රීති ඝෝෂා නගන්න!
2උන්වහන්සේගේ නාමයේ මහිමය ගායනා කරන්න;
උන්වහන්සේට කරන ප්‍රශංසාව මහිමවත් කරන්න.
3දෙවියන්වහන්සේට මෙසේ පවසන්න: “ඔබවහන්සේගේ ක්‍රියා කොපමණ භයංකර ද!
ඔබගේ බලය කොතෙක් ප්‍රබල දැයි කිවහොත්,
ඔබගේ සතුරෝ ඔබ ඉදිරියේ භයින් ඇකිළෙති.
4පොළෝ වාසී සියල්ලෝ ඔබට නමස්කාර කරන්නෝ ය;
ඔවුහු ඔබට ප්‍රශංසා ගී ගයන්නෝ ය,
ඔබගේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෝ ය.” සෙලා
5එන්න, ඇවිත් දෙවියන්වහන්සේ කර ඇති දෑ බලන්න,
මිනිසුන් උදෙසා උන්වහන්සේගේ ක්‍රියා කොතරම් භයංකර ද!
6උන්වහන්සේ මුහුද වියළි බිමක් බවට පත් කළ සේක,
ජනයා ජල මැදින් පයින් ගියහ.
එන්න; අපි උන්වහන්සේ තුළ ප්‍රීති වෙමු.
7ස්වකීය බලයෙන් උන්වහන්සේ සදහට ම රජකම් කරන සේක,
උන්වහන්සේගේ ඇස් ජාතීන් නිරීක්ෂණ කරන සේක.
කැරලිගසන්නෝ උන්වහන්සේට එරෙහිව නැගී නො සිටිත්වා! සෙලා
8එම්බා ජනයිනි, අපේ දෙවියන්වහන්සේ පසසන්න;
උන්වහන්සේට නැගෙන ප්‍රශංසා රාවය සැමට ඇසේවා.
9උන්වහන්සේ අපේ ජීවිත ආරක්ෂා කළ සේක්,
අපේ පාද ලිස්සන්නට ඉඩ නො දුන් සේක.
10අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේ අප පිරික්සූ සේක්;
රිදී සෝදිසි කරන්නා සේ අප සෝදිසි කළ සේක.
11ඔබ සිරගෙය තුළට අප ගෙන ආ සේක්,
අපේ කර පිට මහ බරක් පැට වූ සේක.
12අපේ හිස් මතින් සතුරු හමුදා යෑමට ඔබ ඉඩ සැලසූ සේක;
අපි ගිනි මැදින් ද ජල මැදින් ද ගියෙමු,
එහෙත් සමෘද්ධිමත් තැනකට ඔබ අප ගෙන ආ සේක.
13දවන යාග පූජා රැගෙන මම ඔබේ ගෘහයට එන්නෙමි,
මම ඔබට වූ භාර ඉෂ්ට කරන්නෙමි;
14එම භාර, මගේ කරදර අවස්ථාවන්හි මගේ තොල් අතරින් පොරොන්දු වූ,
මගේ මුවින් ප්‍රකාශ කළ ඒවා ය.
15මම ඔබට තර සතුන් පූජා කරමි,
බැටළුවන් ද ඔප්පු කරමි;
ගවයින් සහ එළුවන් ද යාග කරමි. සෙලා
16දෙවියන්වහන්සේට භය වන සියල්ලෙනි, එන්න, ඇවිත් සවන් දෙන්න;
උන්වහන්සේ මා උදෙසා කර ඇති දෑ මම පවසන්නෙමි.
17මා මුවින් උන්වහන්සේට මොර ගැසුවේ,
මගේ දිවෙන් උන්වහන්සේට ප්‍රශංසා කරමිනි.
18මගේ හද තුළ මම පාපය ගබඩා කර සිටියෙම් නම්,
ස්වාමින් මට සවන් නො දෙන්නට ඉඩ තිබිණ.
19එහෙත් සැබවින් ම දෙවියන්වහන්සේ සවන් දුන් සේක්,
මගේ යාච්ඤාවේ වදන් ඇසූ සේක.
20මගේ යාච්ඤා ප්‍රතික්ෂේප නො කළ,
ස්වකීය ප්‍රේමය මවෙතින් ඉවතට නො ගත්,
දෙවියන්වහන්සේට පැසසුම් වේවා!
Currently Selected:
ගීතාවලිය 66: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: