ගීතාවලිය 66:1-4
ගීතාවලිය 66:1-4 SCV
පොළොවෙහි සියල්ලෙනි, දෙවියන්වහන්සේට ප්‍රීති ඝෝෂා නගන්න! උන්වහන්සේගේ නාමයේ මහිමය ගායනා කරන්න; උන්වහන්සේට කරන ප්‍රශංසාව මහිමවත් කරන්න. දෙවියන්වහන්සේට මෙසේ පවසන්න: “ඔබවහන්සේගේ ක්‍රියා කොපමණ භයංකර ද! ඔබගේ බලය කොතෙක් ප්‍රබල දැයි කිවහොත්, ඔබගේ සතුරෝ ඔබ ඉදිරියේ භයින් ඇකිළෙති. පොළෝ වාසී සියල්ලෝ ඔබට නමස්කාර කරන්නෝ ය; ඔවුහු ඔබට ප්‍රශංසා ගී ගයන්නෝ ය, ඔබගේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෝ ය.” සෙලා





