YouVersion Logo
Search Icon

ගීතාවලිය 61

61
ගීතාවලිය 61
සංගීත අධ්‍යක්ෂක වෙත. තත් සහිත වාද්‍ය භාණ්ඩ සමඟ. දාවිත්ගෙනි.
1අසනු මැනව මගේ මොර ගැසීම, අහෝ දෙවියන්වහන්ස,
සවන් යොමනු මැන මගේ යැදුමට.
2පොළෝ කෙළවරේ සිට මම ඔබට හඬ ගසමි;
මහදේ දිරිය හීන වන කල, මම ඔබට හඬ ගසමි,
මා විසින් නැගිය නො හැකි පර්වතය මතට මා ගෙන ගිය මැනව.
3මන්ද මෙතුවක් මගේ සරණය වූයේ ඔබ ම ය;
මගේ සතුරා අබියස ඔබ මට සවි බළකොටුවකි.
4සදහට ඔබේ කූඩාරමේ වාසය කරන්නට ද
ඔබේ පියාපත් සෙවණේ සරණය ලබන්නට ද මම දැඩි සේ ආශා වෙමි; සෙලා
5මා ඔබට වූ බාර ඔබ පිළිගත් සේක, අහෝ දෙවියන්වහන්ස,
ඔබේ නාමයට භයවන්නන් සඳහා වන උරුමයක් ඔබ මට දුන් සේක.
6රජුගේ ආයු කාලය, ඔබ දිගු කරන සේක;
ඔහුගේ අවුරුදු, පරම්පරා ගණනාවකට දිගු කරන සේක.
7ඔහු දෙවියන්වහන්සේ අබියස සදහට ම සිංහාසනයේ සිටීවා!
ඔබගේ නොමියෙන පෙමින් හා විශ්වසනීයත්වයෙන් ඔහු ආරක්ෂා කෙරේවා!
8එවිට මම සදහට ම ඔබේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෙමි;
දවසින් දවස මගේ භාර ඉෂ්ට කරන්නෙමි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in