ගීතාවලිය 6:6-9
ගීතාවලිය 6:6-9 SCV
ඉකි බිඳීමෙන් මම වෙහෙස ව සිටිමි. හැම රැයක ම කඳුළු පෙරා, මගේ යහන තෙත් බත් කරමි. මගේ යහන කඳුළින් පොඟවමි. මගේ සතුරන් මා සොවට පත් කළෙන්, හැඬූ නිසා මගේ ඇස්වල පෙනීම, හීන ව ගොසිනි. මවෙතින් ඉවත් ව යව්, දුෂ්ටකම් කරන්නෙනි, මන්ද, ස්වාමින්වහන්සේ මගේ විලාප හඬ ඇසූ සේක. දයාව ඉල්ලා මා කළ කන්නලව්ව, ස්වාමින්වහන්සේ ඇසූ සේක, මගේ යැදුම ස්වාමින්වහන්සේ පිළිගන්න සේක.





