ගීතාවලිය 6:1-3
ගීතාවලිය 6:1-3 SCV
අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ කෝපයෙන් මට තරවටු කරනු එපා; ඔබගේ උදහසින් මට දඬුවම් කරනු එපා. මට අනුකම්පා කළ මැනව, ස්වාමින්වහන්ස, මම අබල-දුබල ව සිටිමි; මට සුවය දුන මැන, අහෝ ස්වාමින්වහන්ස, මගේ ඇටකටු වේදනාවෙන් කකියයි. තව කොපමණ කලක් ද? අහෝ ස්වාමින්වහන්ස, මම තව කොතෙක් කලක් මේ වේදනා උසුලම් ද?





