ගීතාවලිය 58
58
ගීතාවලිය 58
සංගීත අධ්‍යක්ෂක වෙත. “වනසා නො දමන්න” තනුවට අනුව. දාවිත්ගෙනි. මික්තාම්#58:0 සාහිත්‍යමය හෝ සංගීතමය යෙදුමක් විය හැක කාව්‍යයකි.
1බලවතුනි, නුඹලා සැබවින් ම යුක්තිය ප්‍රකාශ කරනවා ද?
ජනයා අතර ඍජු ලෙස විනිශ්චය කරනවා ද?
2නැත; නුඹලා හදවතින් අයුක්ති සහගත ප්‍රයෝග යොදති;
නුඹලාගේ අත්වලින් මිහි පිට ප්‍රචණ්ඩත්වය බෙදාහරිති.
3උපතේ පටන් පවා, දුෂ්ටයෝ මුළාව යති;
මව් කුස පටන් ඔවුහු හිතුවක්කාර ව මුසා පවසති.
4ඔවුන්ගේ විෂ, සර්ප විෂ වැන්න;
ඔවුන්, ඇසීම වළකාගෙන සිටින පොළඟාට සමාන ය.
5සර්ප වශීබන්ධනකරුගේ ජප කිරීම කොතරම් සමර්ථ වුවත්,
ඔහුගේ වාදන තාලයට ඌ සවන් නො දෙයි.
6ඔවුන්ගේ මුවෙහි දත් බින්ද මැනව, අහෝ දෙවියන්වහන්ස,
ඒ සිංහයන්ගේ දළ, ඉරා දැමුව මැනව, අහෝ ස්වාමින්වහන්ස.
7ඉවත ගලා යන ජලය සේ, ඔවුන් අන්තර්ධාන වෙත්වා!
ඔවුන් දුන්න අදින කල, ඔවුන්ගේ හී, මොට වේවා!
8ඔවුහු, මග දිගේ ඇදී යද්දී ම, දිය ව යන ගොළුබෙල්ලකු මෙන් වෙත්වා!
උපන් ගෙයි ම මළ එකකු සේ, ඔවුන් හිරු නො දකීවා!
9කුමක් වේ දැයි දැන ගන්නටත් පළමු ඔවුහු, උදුරා දැමූ කටු පඳුරක් මෙන් වෙත්වා!
මිනිසකු කෝපයෙන් උදුරා විසිකරන වල් පැළෑටි මෙන් වෙත්වා!#58:9 හෙබ්‍රෙව් බසින් මෙම පදයේ අර්ථය පැහැදිලි නැත
10තමන් උදෙසා පළිගැනෙනු දකින කල,
දුෂ්ටයින්ගේ ලෙයින් තම පාද සේදෙන කල, දමිටුන් ප්‍රීති වනු ඇත;
11එවිට මිනිසුන් මෙසේ කියනු ඇත:
“සැබවින් ම දමිටුනට ඉටු විපාක ලැබේ;
ලොව විනිශ්චය කරන දෙවියන්වහන්සේ කෙනකු සැබවින් ම සිටින්නාහ.”
Currently Selected:
ගීතාවලිය 58: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: