YouVersion Logo
Search Icon

ගීතාවලිය 53:1-6

ගීතාවලිය 53:1-6 SCV

අඥානයා, “දෙවි කෙනකු නැතැ” යි තමන්ට ම කියා ගනී. ඔවුහු දූෂිතයෝ ය; ඔවුන්ගේ ක්‍රියා අධම ය. යහපත කරන කිසි කෙනකු නැත. දෙවියන්වහන්සේ ස්වර්ගයේ සිට මිනිස් වර්ගයා දෙස පහත බලන සේක; එසේ බලන්නේ, බුද්ධිමත් කෙනකු වේ ද, දෙවියන්වහන්සේ සොයන කෙනකු වේ දැයි බලන පිණිස ය. හැම කෙනකු ම නොමගට හැරී ගොසිනි; සැවොම එක සේ දූෂිත ව ඇත. යහපත කරන කෙනෙක් නැත. එක් කෙනකුවත් නැත. දුෂ්ටකම් කරන්නන්ට වැටහීමක් නැති ද? රොටි බුදින්නාක් මෙන් මගේ ජනයා කා දමන ඔවුහු දෙවියන්වහන්සේට අයැදුම් නො කරති. භීතියට පත් වන්නට කිසි හේතුවක් නැතිව, අන්න! ඔවුන් භීතියෙන් මුසපත් ව! ඔබට පහර දුන් අයගේ ඇටකටු, දෙවියන්වහන්සේ විසුරුවා දැමූ සේක. මන්ද දෙවියන්වහන්සේ ඔවුන් නීච කොට සැලකූ නිසා, ඔබ ඔවුන් ලජ්ජාවට පත් කළේ ය. අහෝ! ඉශ්‍රායෙල්වරුන්ගේ ගැලවීම, සියොන වෙතින් පැමිණුනහොත් යහපති. දෙවියන්වහන්සේ තම ජනයාගේ භාග්‍යය යළි ස්ථාපිත කළ කල, යාකොබ් ප්‍රීති ප්‍රමෝද වෙත්වා! ඉශ්‍රායෙල් ප්‍රීතිමත් වෙත්වා!

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 53:1-6