ගීතාවලිය 48
48
ගීතාවලිය 48
ගීයකි. කෝරාගේ පුත්‍රයන්ගේ ගීතයකි.
1අපේ දෙවියන්වහන්සේගේ පුරවරයෙහි, උන්වහන්සේගේ ශුද්ධ කන්දෙහි,
ස්වාමින්වහන්සේ අති උතුම් ය; ප්‍රශංසා ලැබීමට අතිශය සුදුස්සාණෝ ය.
2සාෆෝන් කන්දේ උස ම කඳු ගැටි බඳු වූ සියොන් කන්ද
උදාරත්වයෙන් අලංකාර ය;
මුළු පොළොවේ ප්‍රීතිය ය.
මහ රජ්ජුරුවන්ගේ පුරවරය ය.
3දෙවියන්වහන්සේ එපුර මාලිගාවල සිටින සේක්,
එහි බළකොටුව තමන්වහන්සේ ම වග පෙන්වා දුන් සේක.
4රජවරු, සේනා ඒකාබද්ධ කර,
එකට එක් වී පෙරට ආ කල,
5ඒ වග දැක පුදුමයට පත් ව,
භීතියෙන් යුතු ව පලා ගියහ.
6ප්‍රසූතියේදී කාන්තාවකගේ බඳු වේදනාවත්,
කම්පනයත් ඔවුන් වෙළා ගත්තේ ය.
7පෙරදිග සැඩ සුළඟින් සිඳ-බිඳ දැමෙන තර්ෂිෂ්හි නෞකා මෙන්
ඔබ ඔවුන් විනාශ කර දැමූ සේක.
8අප අසා තිබූ ලෙස ම
සේනාංකාධිපති ස්වාමින්වහන්සේගේ නුවරදී,
අපේ දෙවියන්වහන්සේගේ නුවරදී
අපි දැක්කෙමු:
දෙවියන්වහන්සේ සදහට ම එනුවර,
සුරක්ෂිත කරන සේක. සෙලා
9අහෝ දෙවියන්වහන්ස, ඔබගේ මාලිගය තුළදී
අපි ඔබගේ නොමියෙන ප්‍රේමය මෙනෙහි කරන්නෙමු.
10අහෝ දෙවියන්වහන්ස, ඔබගේ නාමය පරිද්දෙන් ම,
ඔබගේ ප්‍රශංසාව, පොළොවේ දස දිගට පැතිර යයි;
ඔබගේ දකුණත, ධර්මිෂ්ඨකමින් පූර්ණ ය.
11ඔබගේ විනිශ්චයන් නිසා
සියොන් කන්ද ප්‍රීති ප්‍රමෝද වෙයි;
යූදාහි ගම් දනවු ප්‍රීතිමත් වෙයි.
12සියොනෙහි සැරිසරන්න: එපුර වටා ඇවිදින්න;
එහි බළකොටු කුලුනු ගණන් කරන්න.
13එහි කොටු පවුර හොඳින් නිරීක්ෂණ කරන්න;
ආරක්ෂිත මැදුරු විමසා බලන්න;
ඒ දෑ කළ යුත්තේ,
ඊළඟ පරම්පරාවට ඒවා ගැන කියා දෙන පිණිස ය.
14මන්ද මේ දෙවියන්වහන්සේ සදාතනයෙන් සදාතනයට අපේ දෙවියන්වහන්සේ ය.
අවසානය දක්වා ම අපට මග පෙන්වන්නේ උන්වහන්සේ ය.
Currently Selected:
ගීතාවලිය 48: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: