ගීතාවලිය 45
45
ගීතාවලිය 45
සංගීත අධ්‍යක්ෂක වෙත. “ෂොෂන්නීම්” ට අනුව. කෝරාගේ පුත්රයන්ගෙනි. මස්කීල්#45:0 සාහිත්‍යමය හෝ සංගීතමය යෙදුමක් විය හැක කාව්‍යයකි. විවාහ මංගල්‍ය ගීයකි.
1රජු උදෙසා, මා මේ ගී පද ගයන කල,
රාජකීය තේමාවකින් මහද පිනා යයි;
මගේ දිව නිපුණ රචකයකුගේ පන්හිඳක් ය.
2මිනිසුන් අතර ඉතාම කඩවසම් තැනැත්තා ඔබ ය;
ඔබගේ දෙතොල අනුග්‍රහයෙන් ආලේපිත ය;
මන්ද දෙවියන්වහන්සේ ඔබට සදාතනික ව ආශිර්වාද කර ඇත.
3ඔබගේ අසිපත ඔබගේ ඉඟ බැඳ ගනු මැනව.
එම්බා බලවන්තයාණනි, ශෝභාශ්‍රීයෙන් හා තේජශ්‍රීයෙන් සැරසුන මැනව.
4සත්‍යයේ, නිහතමානීත්වයේ හා දමිටුකමේ නාමයෙන්
ඔබගේ තේජශ්‍රීයෙන් යුතු ව, ජයග්‍රාහී ව රථයෙන් වඩින්න.
ඔබගේ දකුණතින් භයංකර ක්‍රියා කෙරේවා.
5ඔබගේ ඊ ගස්, රජුගේ සතුරන්ගේ හදවත් සිදුරු කර යේවා!
සෙසු ජාතීන් ඔබගේ පාමුල වැටේවා!
6අහෝ දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය, සදාතනයෙන් සදාතනයට පවතින්නේ ය.
ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය, ධර්මිෂ්ඨත්වයේ ජයකොන්තයකි.
7ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රේම කළ සේක්, දුෂ්ටකමට වෛර කළ සේක;
එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ,
ප්‍රීතියේ තෙලින් ඔබ ආලේප කර ඔබේ සහකරුවනට, ඉහළින් ඔබ පිහිටෙවු සේක.
8ඔබ හඳිනා ලෝගුවල, සුවඳලාටු, අගිල් හා දවුල්කුරුඳු සුවඳ නික්මෙයි;
ඇත්-දළින් අලංකෘත මාලිගාවල නැගෙන
තන්ත්‍රි තූර්ය වැයුමෙන් ඔබ විනෝදවත් කෙරේ.
9ඔබගේ ප්‍රිය කුලකතුන් අතර රජවරුන්ගේ දූ කුමරියෝ වෙති;
ඔබගේ දකුණු පස සිටින්නේ, ඕෆීර්හි රනින් පැලඳි අග බිසව ය.
10සවන් දෙන්න, එම්බා දියණියනි, කල්පනාවෙන් ඇහුම්කන් දෙන්න:
ඔබගේ ජනයා ද ඔබගේ පියාගේ ගෘහ වාසීන් ද අමතක කරන්න.
11ඔබගේ රූප සොබාවට රජු වසඟ වනු ඇත;
ගෞරව කරන්න ඔහුට; ඔහු ඔබේ ස්වාමියා ය.
12තීර් නගර වාසීන් තෑගි රැගෙන එනු ඇත,
ධනවතුන් ඔබේ ප්‍රසාදය දිනන්නට තැත් දරනු ඇත.
13කුමාරිකාව ඇගේ කුටිය තුළ මුළුමනින් ම සම්මානනීය ය.
ඇගේ ගවුම රනින් වැඩ දමා, වියන ලද්දේ ය.
14වැඩ දැමූ විසිතුරු ඇඳුමින් යුතු ඈ,
රජු වෙත කැඳවාගෙන යන ලද්දී ය;
ඇගේ පරිවාර කන්යාවියෝ ඈ අනුව ගියෝ ය.
15රජුගේ මාලිගාවට ඇතුළු වීමට, ඔවුන් කැඳවාගෙන යනු ලැබුවේ,
ප්‍රීතියෙන් හා ප්‍රමෝදයෙන් යුතු ව ය.
16ඔබේ පුත්‍රයෝ, ඔබේ පියවරුන්ගේ තැනට පත් වන්නෝ ය;
ඔබ ඔවුන් දේශය මුළුල්ලේ අධිපතීන් බවට පත් කරනු ඇත.
17මම ඔබගේ නාමය පරපුරෙන් පරපුරට සදාතනික මතකයක් කරන්නෙමි;
එබැවින් සදාතනයෙන් සදාතනයට ජාතීහු ඔබට ප්‍රශංසා කරන්නෝ ය.
Currently Selected:
ගීතාවලිය 45: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: