ගීතාවලිය 43:3-5
ගීතාවලිය 43:3-5 SCV
එවුව මැනවි ඔබගේ ආලෝකයත්, ඔබගේ සත්‍යතාවත්, ඒවා මට මග පෙන්වත්වා! ඔබගේ වාසස්ථානය වන ඔබගේ ශුද්ධ කන්ද වෙත මා පමුණුවත්වා! එවිට මම, දෙවියන්වහන්සේගේ පූජාසනය වෙත, මගේ ප්‍රීතියත්, මගේ ප්‍රමෝදයත් වන දෙවියන්වහන්සේ වෙත යන්නෙමි. අහෝ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, වීණා වයමින් මම ඔබ පසසන්නෙමි. එම්බා මගේ ආත්මය, කුමට ඔතරම් අධෛර්යට පත් වී ද? කුමට ඔතරම් තමා තුළ නො සන්සුන් වී ද? දෙවියන්වහන්සේ වෙත ඔබේ බලාපොරොත්තු තබන්න. මන්ද මම තවමත් ප්‍රශංසා කරමි, මගේ ගැලවුම්කරු වූ මගේ දෙවියන්වහන්සේට.





