YouVersion Logo
Search Icon

ගීතාවලිය 4

4
ගීතාවලිය 4
සංගීත අධ්‍යක්ෂක වෙත. තත් සහිත වාද්‍ය භාණ්ඩ සමඟ. දාවිත්ගේ ගීතයකි.
1පිළිතුරු දුන මැනවි මා හඬ ගසන කල,
අහෝ මගේ ධර්මිෂ්ඨකමේ දෙවියන්වහන්ස.
මගේ විපතේදී මට සරණ වී,
මට දයාව පා, මගේ යැදුම අසනු මැනේ.
2එම්බා මිනිසුනේ, තව කොපමණ කල් නුඹලා මගේ කීර්ති මහිමය නින්දාවට හරවා ද?
තව කොපමණ කල් මායාවට ආලය වී, බොරුව සොයා හඹා යා ද? සෙලා
3 ස්වාමින්වහන්සේ තමන්ට ධාර්මිකයා වෙන් කර ගත් වග දැනගන්න.
මා, ස්වාමින්වහන්සේට හඬ ගසන කල, උන්වහන්සේ එය අසන්නාහ.
4කෝප වූවත්, පව් නො කරන්න;
නිදි යහනේදී ඔබේ ම හද සමඟ කතා කර,
නිහඬ ව සිටින්න. සෙලා
5ධර්මිෂ්ඨකමේ යාග පූජා පුදන්න;
ඔබේ විශ්වාසය, ස්වාමින්වහන්සේ තුළ තබන්න.
6“අපට සෙත සලසන්නේ කවුරුන් දැ?” යි බොහෝ දෙනා අසති.
ඔබේ මුව මඬලේ ආලෝකය, අප පිට බබළවන්න අහෝ ස්වාමින්වහන්ස.
7ඔබ, මා හද පුරවාලූ ඉමහත් සතුට,
තම ධාන්‍ය ද අලුත් මිදි යුෂ ද සරු සාර ව ලැබූ කල, ඔවුන් ලබන සතුට ඉක්මවාලන සතුටකි.
8සාමයෙන් වැතිර මම නිදි සුව ලබමි.
මන්ද, සුරැකි ව වෙසෙනට මට සැලසුවේ,
ඔබ පමණක් ම ය, අහෝ ස්වාමින්වහන්ස.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in