ගීතාවලිය 34:3-8
ගීතාවලිය 34:3-8 SCV
එන්න, මා සමඟ ස්වාමින්වහන්සේ වර්ණනා කරන්න; අපි එක් ව උන්වහන්සේගේ නාමය උසස් කරමු. මම ස්වාමින්වහන්සේ සෙවීමි; උන්වහන්සේ මට පිළිතුරු දුන් සේක්; මගේ සියලු බයින් මා මිදූ සේක. උන්වහන්සේ දෙස බලා සිටින්නෝ ප්‍රීතියෙන් දිදුලන්නෝ ය. කිසි කලෙක ඔවුන්ගේ මුහුණු ලජ්ජාවෙන් නො වැසේ. මේ දුප්පතා මොර ගැසී ය; ස්වාමින්වහන්සේ ඔහුට සවන් දී, ඔහුගේ සියලු විපත්වලින් ඔහු මිදූ සේක. ස්වාමින්වහන්සේගේ දූතයා, උන්වහන්සේට භය පක්ෂවූවන් වටා කඳවුරු බැඳ, ඔවුන් මුදාලයි. ස්වාමින්වහන්සේ ගුණ යහපත් වග රස බලා ඔබ ම අත්දකින්න; උන්වහන්සේ තුළ සරණයන්නා භාග්‍යවත් ය.








