YouVersion Logo
Search Icon

ගීතාවලිය 32:3-7

ගීතාවලිය 32:3-7 SCV

මා නිහඬ ව සිටිමින්, දවස මුළුල්ලේ කෙඳිරිගාමින් සිටි කල, මගේ ඇටකටු දිරා යන්නට විය. ශික්ෂණයේ ඔබගේ හස්තය, දිවා රෑ දෙකේදී ම මා පිට බර ව තිබිණ; ග්‍රීෂ්ම කල දැඩි උණුසුමට හසුවූවාක් මෙන් මගේ ශක්තිය ද සිඳී ගොස් තිබිණ. සෙලා එබැවින්, මගේ පාප මම ඔබට ප්‍රකාශ කළෙමි. මගේ අයුතුකම් මම නො සැඟවීමි, “මගේ වැරදි ස්වාමින්වහන්සේට පාපොච්චාරණ කරමි” යි කීවෙමි. මගේ පාපයේ වරද එවිට ඔබ කමා කළ සේක. සෙලා එබැවින් ධාර්මික වූ හැම කෙනෙක් ම ඔබ හමු විය හැකි අවස්ථාවේ ඔබට යාච්ඤා ඔප්පු කරත්වා; මහා ජලගැල්ම නැග ආ කල, සැබවින් ම එය ඔහුට ළං නො වේ. මගේ සැඟවුම් පොළ ඔබ ය. කරදරවලින් ඔබ මා මුදන සේක; මිදීමේ ඔල්වර හඬින් මා වට කරන සේක. සෙලා