ගීතාවලිය 31
31
ගීතාවලිය 31
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත්ගේ ගීතයකි.
1සරණය සොයමි මම, ඔබවහන්සේ තුළ, අහෝ ස්වාමින්වහන්ස,
ලජ්ජාවට පත්වන්න කිසි දින මට ඉඩ නො තබනු මැනවි;
මුදනු මැනවි මා, ඔබේ දමිටුකම නිසා.
2යොමනු මැනවි ඔබේ සවන මා වෙත,
ඉක්මන් වුව මැනවි මා බේරා ගන්නට;
මා ගලවා ගන්නට සවිමත් බළකොටුවක්,
සරණයේ පර්වතය වුව මැනව මට.
3ඔබ ම ය මගේ පර්වතයත්, මගේ බළකොටුවත්;
ඔබගේ නාමයේ ගෞරවය උදෙසා, මට පෙරටුව ගිය මැනව; මට මගපෙන්වුව මැනව.
4සඟවා මට එළන ලද දැලෙන් මා ඉවතට ගනු මැනව.
මන්ද, ඔබ ය, මගේ සරණ ය.
5බාර දෙමි මම, ඔබගේ දෝතට මගේ ආත්මය;
ඔබ මා මුදා ගෙන ඇත, අහෝ ස්වාමින්වහන්ස, විශ්වසනීය දෙවියන්වහන්ස.
6කමකට නැති පිළිම රූප නමදින්නන්ට මම ද්වේෂ කරන්නෙමි.
එහෙත් මම ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්නෙමි.
7ඔබගේ නොමියෙන ප්‍රේමයෙහි, සොම්නස් වෙමි; මම ප්‍රීති ප්‍රමෝද වෙමි;
මන්ද මගේ පීඩාව ඔබ දුටු බැවිනි;
මා සිත් සංතාපය ඔබ දත් බැවිනි.
8සතුරු අත්වලට ඔබ මා පාවා නුදුන් සේක;
නිදහස් තැනක ඔබ මගේ පාද පිහිටෙවූ සේක.
9මට දයාන්විත වුව මැනව අහෝ ස්වාමින්වහන්ස, මම දුකින් පීඩිත ව සිටිමි.
මගේ ඇස්, මගේ ජීවය හා
මගේ ශරීරයත් දුකින් වැහැරී යයි.
10මන්ද සිත් සන්තාපයෙන් මගේ ජීවිතය ද
සුසුම්ලීමෙන් මගේ අවුරුදු ද ගෙවී යයි.
මගේ අයුතුකම් නිසා මගේ සවිය හීන වෙයි;
මගේ ඇටකටු ද දිරා යේ.
11මගේ සතුරු සියල්ලනට මා පරිභවයකි;
මගේ අසල්වාසීනට දැඩි පිළිකුලකි;
මගේ මිතුරනට මා භීතියකි;
මගතොටදී මා දකින්නෝ මා මග හැර දුවති.
12මතකයෙන් මා ගිලිහී ඇත්තේ, මා මිය ගොස් ඇතුවා සේ ය;
බිඳුණු බඳුනක් බවට මා පත් ව ඇත.
13මන්ද බොහොමයකගේ අපවාද කෙඳිරිලි මට ඇසේ;
හැම පැත්තේ, භීතියයි.
මගේ ජීවිතය පැහැර ගන්නට සැලසුම් යොදමින්,
ඔවුහු මට එරෙහිව කුමන්ත්‍රණ කරති;
14එහෙත් මම, ඔබ තුළ විශ්වාසය තබමි අහෝ ස්වාමින්වහන්ස,
“මගේ දෙවියන්වහන්සේ ඔබ ම යැ” යි කියන්නෙමි.
15මගේ ජීවිත කාල-අවස්ථා ඔබ අතේ ය.
මගේ සතුරන් අතින්,
මට පීඩා කරන්නන් වෙතින්, මා මිදුව මැනව.
16ඔබගේ මුහුණ ඔබගේ සේවකයා පිට බැබළෙන්නට සැලසුව මැනව;
ඔබගේ නොමියෙන පෙම මගින් මා ගැලෙවුව මැනව.
17අහෝ ස්වාමින්වහන්ස, ලජ්ජාවට පත් වන්නට මට ඉඩ නුදුන මැනව;
මන්ද මම ඔබට හඬ ගැසීමි.
එහෙත්, දුෂ්ටයෝ ලජ්ජාවට පත් කරනු ලබත්වා,
ඔවුහු ෂෙයෝලයට#31:17 පාතාලයට හෙවත් මළවුන්ගේ ස්ථානයට නිහඬ ව බැස යත්වා.
18මුසා පවසන ඔවුන්ගේ තොල් වසා දමාවා;
මන්ද අහංකාරයෙන් හා අවඥාවෙන් යුතු ව
ඔවුන් දමිටුනට එරෙහිව පාරට්ටු කතා කී බැවිනි.
19ඔබගේ ගුණ යහපත්කම කොතරම් මහත් ද!
ඔබ එය ගොඩ ගසා ඇත්තේ, ඔබට භය පක්ෂපාතවූවන් සඳහා ය;
මිනිසුන්ගේ ඇස් හමුවේ ඔබ එය වගුරුවා ඇත්තේ,
ඔබ තුළ සරණය ලබන්නන් උදෙසා ය.
20මිනිසුන්ගේ කුමන්ත්රණවලින්,
ඔබ අබිමුව ඇති රැකවරණය තුළ ඔබ ඔවුන් සඟවාලන සේක;
චෝදනා නගන දිව්වලින්,
ඔබගේ වාසස්ථානය තුළ ඔබ ඔවුන් රැක බලාගන්නා සේක.
21 ස්වාමින්වහන්සේට පැසසුම් වේවා!
මන්ද සතුරන් වැටලූ නගරයක් තුළදී ද
උන්වහන්සේගේ ඒ අපූර්ව ප්‍රේමය උන්වහන්සේ මට පෑ සේක.
22“ඔබ ඉදිරියෙන් මම පන්නා දමනු ලැබීමි” යි
තැති ගත් විටෙක මම කෑ ගැසීමි.
එහෙත්, උපකාර පතා මා ඔබට හඬ ගෑ කල,
දයාව පතා මා ඔබට මොර ගැසූ කල, ඔබ මට සවන් දුන් සේක.
23ප්‍රේම කරන්න ස්වාමින්වහන්සේට, උන්වහන්සේගේ සියලු ශුද්ධවතුනි!
තමන්වහන්සේට විශ්වාසවන්තවූවන් ස්වාමින්වහන්සේ සුරකින සේක,
එහෙත් උඩඟු වූවනට අඩු නො කොට ප්‍රතිවිපාක දෙවන සේක.
24 ස්වාමින්වහන්සේ තුළ බලාපොරොත්තු තබා සිටින සියල්ලෙනි,
බලවත් වන්න! හදින් දිරිමත් වන්න.
Currently Selected:
ගීතාවලිය 31: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: