ගීතාවලිය 31:19-24
ගීතාවලිය 31:19-24 SCV
ඔබගේ ගුණ යහපත්කම කොතරම් මහත් ද! ඔබ එය ගොඩ ගසා ඇත්තේ, ඔබට භය පක්ෂපාතවූවන් සඳහා ය; මිනිසුන්ගේ ඇස් හමුවේ ඔබ එය වගුරුවා ඇත්තේ, ඔබ තුළ සරණය ලබන්නන් උදෙසා ය. මිනිසුන්ගේ කුමන්ත්‍රණවලින්, ඔබ අබිමුව ඇති රැකවරණය තුළ ඔබ ඔවුන් සඟවාලන සේක; චෝදනා නගන දිව්වලින්, ඔබගේ වාසස්ථානය තුළ ඔබ ඔවුන් රැක බලාගන්නා සේක. ස්වාමින්වහන්සේට පැසසුම් වේවා! මන්ද සතුරන් වැටලූ නගරයක් තුළදී ද උන්වහන්සේගේ ඒ අපූර්ව ප්‍රේමය උන්වහන්සේ මට පෑ සේක. “ඔබ ඉදිරියෙන් මම පන්නා දමනු ලැබීමි” යි තැති ගත් විටෙක මම කෑ ගැසීමි. එහෙත්, උපකාර පතා මා ඔබට හඬ ගෑ කල, දයාව පතා මා ඔබට මොර ගැසූ කල, ඔබ මට සවන් දුන් සේක. ප්‍රේම කරන්න ස්වාමින්වහන්සේට, උන්වහන්සේගේ සියලු ශුද්ධවතුනි! තමන්වහන්සේට විශ්වාසවන්තවූවන් ස්වාමින්වහන්සේ සුරකින සේක, එහෙත් උඩඟු වූවනට අඩු නො කොට ප්‍රතිවිපාක දෙවන සේක. ස්වාමින්වහන්සේ තුළ බලාපොරොත්තු තබා සිටින සියල්ලෙනි, බලවත් වන්න! හදින් දිරිමත් වන්න.





