ගීතාවලිය 27:2-3
ගීතාවලිය 27:2-3 SCV
දුෂ්ට මිනිසුන් මා කා දමන්නට පෙරට එන කල, මගේ සතුරන් හා මගේ එදිරිවාදීන් මට පහර දෙන කල, ඔවුහු ම පැකිළී වැටෙන්නෝ ය. සතුරු සේනාංකයක් මා වටලා ගත්ත ද, මහදට බියක් නො දැනේ; මට එරෙහිව යුද ගිනි ඇවිළුණත්, මම නො සැලී සිටින්නෙමි.





