ගීතාවලිය 25
25
ගීතාවලිය 25
දාවිත්ගෙනි.
1අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ වෙත,
මම මගේ ආත්මය ඔසවමි.
2අහෝ මගේ දෙවියන්වහන්ස, ඔබ තුළ මම විශ්වාසය තබමි.
ලජ්ජාවට පත් වන්නට මට ඉඩ නුදුන මැනවි;
මා පරදා, ජය පැන් බොන්නට සතුරාට ඉඩ නුදුන මැනවි.
3ඔබ තුළ බලාපොරොත්තු තබන කිසිවකු
කිසි දින ලජ්ජාවට පත් නො වේ;
එහෙත්, අහේතුක ව ද්‍රෝහිවන්නෝ
ලජ්ජාවට පත් වෙති.
4ඔබේ මාර්ග මට පෙන්වුව මැන, අහෝ ස්වාමින්වහන්ස,
ඔබේ මාවත් මට ඉගැන්වුව මැනව.
5ඔබගේ සත්‍යතාවයෙහි මට මඟපෙන්වුව මැන; මට ඉගැන්වුව මැනව;
මන්ද, මගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේ ඔබ ය.
දවස මුළුල්ලේ මගේ බලාපොරොත්තුව ඔබ තුළ ය.
6ඈත පුරාණයේ සිට පැවත එන,
ඔබගේ මහා දයාවත්, නොමියෙන ප්‍රේමයත් සිහි කළ මැනවි, අහෝ ස්වාමින්වහන්ස.
7මගේ යොවුන් වියේ පාප ද මගේ කැරලිකාරී මාර්ග ද
සිහි නො කළ මැනව;
ඔබගේ නොමියෙන ප්‍රේමයට අනුකූලව ම මා සිහි කළ මැනව;
මන්ද, ඔබවහන්සේ යහපත් ය, අහෝ ස්වාමින්වහන්ස.
8 ස්වාමින්වහන්සේ යහපත් ය; සෘජු ය.
එබැවින් උන්වහන්සේ පව්කරුවනට හරි මාර්ග කියා දෙන සේක.
9උන්වහන්සේ නිහතමානීන්ට හරි-දැක්මෙහි මගපෙන්වා,
තම මාර්ගය නිහතමානීන්ට උගන්වන සේක.
10උන්වහන්සේගේ ගිවිසුම හා පනත් රක්නවුන්ට
ස්වාමින්වහන්සේගේ මාර්ග සියල්ල ප්‍රේමණීය ය; විශ්වසනීය ය.
11අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නාමයේ ගෞරවය සලකා,
මගේ අයුතුකම් අති මහත් වුවත් ඒවාට කමා වුව මැනව.
12 ස්වාමින්වහන්සේට භය පක්ෂපාත කවුරු ද?
ඔහු තෝරා ගත යුතු මග කවරේදැයි උන්වහන්සේ ඔහුට පෙන්වා දෙන සේක.
13ඔහු යෙහෙන් කල් යවනු ඇත;
ඔහුගෙන් පැවත එන්නෝ දේශය අයිති කර ගන්නෝ ය.
14 ස්වාමින්වහන්සේට භය පක්ෂපාත අයට උන්වහන්සේ විශ්වාසී ව, තම රහස් පවසන සේක;
උන්වහන්සේ තම ගිවිසුම ඔවුන්ට දැනගන්නට සලසන සේක.
15මගේ ඇස් හැම විට ස්වාමින්වහන්සේ දෙස ය.
මන්ද, උගුල්වලින් මගේ පා මුදා හරින්නේ උන්වහන්සේ පමණි.
16මා වෙත හැරුන මැනව; මට දයා වුව මැනව,
මන්ද මම තනි වී, පීඩාවෙන් යුතු ව සිටිමි.
17මගේ හද සන්තාපය පඳුරු දමා ඇත.
මගේ ශෝකයෙන් මා මුදා ගත මැනව.
18මගේ පීඩා හා මගේ කරදර දෙස බැලුව මැනව,
මගේ පාප සියල්ල කමා කළ මැනව.
19බලන්න! මට සතුරන් කොයි තරම් ද!
ඔවුහු කොතරම් සැහැසි ව මට වෛර කරත් දැයි බලනු මැනව.
20මගේ දිවිය රැකවල් ලා, මා මුදනු මැනව;
ලජ්ජා වන්නට මට ඉඩ නො තැබුව මැනව;
මන්ද, මම ඔබ තුළ සරණය ලබමි.
21පූර්ණ අවංකත්වයත්, සෘජු භාවයත්, මට රැකවරණය සලසාවා!
මන්ද, මගේ බලාපොරොත්තුව ඔබ වෙත ය.
22අහෝ දෙවියන්වහන්ස, ඉශ්‍රායෙල් ජනයා
ඔවුන්ගේ සියලු විපත්තිවලින් ගැලෙවුව මැනව.
Currently Selected:
ගීතාවලිය 25: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: