YouVersion Logo
Search Icon

ගීතාවලිය 2:5-12

ගීතාවලිය 2:5-12 SCV

තම කෝපයෙන් ඔවුනට තරවටු කරමින්, තම උදහස පා උන් බය ගන්වමින්, මෙසේ පවසන්නාහ. “සියොනෙහි මගේ ශුද්ධ කන්ද මත, මා තේරූ රජු කිරුළු පැලඳුවෙමි.” ස්වාමින්වහන්සේගේ නියෝගය මම ප්‍රකාශයට පත් කරමි: උන්වහන්සේ මා අමතා මෙසේ කී සේක: “ඔබ මගේ පුත්‍රයාණන් ය; මම අද ඔබ ජනිත කළෙමි; මගෙන් ඉල්ලන්න; එවිට, මම, ජාතීන් ඔබගේ උරුමය කර දෙමි; පොළෝ සීමාන්තය තෙක් ඔබ සන්තක කරලමි. ඔබ, යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු-මට්ටු කරනු ඇත; මැටි බඳුනක් බිඳින්නා සේ ඔවුන් විසුණු කරනු ඇත.” එබැවින් දැන්, එම්බා රජවරුනි, නැණවත් වනු! මිහි පිට පාලකයනි, පරෙස්සම් වනු! ස්වාමින්වහන්සේට භය බැතියෙන් නමදින්න; වෙවුලුම් සහිත ව ප්‍රීති වන්න. උන්වහන්සේ කෝප නො වන පිණිස පුත්‍රයාණන් සිපගන්න. නැතහොත්, ඔබ මාර්ගයේදී වැනසී යනු ඇත. මන්ද, උන්වහන්සේගේ උදහස වහා ඇවිළ යා හැකි බැවිනි. උන්වහන්සේ සරණ කොට ගන්න සැවොම භාග්‍යවත් ය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 2:5-12