ගීතාවලිය 2:1-6
ගීතාවලිය 2:1-6 SCV
කිමදෝ ජාතීන් උදහස් ව කුමන්ත්‍රණ කරන්නේ? ජනයා නිෂ්ඵල උපා යොදන්නේ? ස්වාමින්වහන්සේට ද උන්වහන්සේගේ අභිෂේක ලද්දාණන්ට ද එරෙහිව, පොළොවේ රජවරු සටනට සැරසෙති; පාලකයෝ එක් පිලකට රොක් වෙති. “ඔවුන්ගේ බැඳුම් අපි කඩා දමමු; විලංගු බිඳ ඔවුන්ගෙන් මිදෙමු” යි ඔවුහු කියති. ස්වර්ගවල සිහසුන දරනා, උතුමාණෝ සිනාසෙන්නාහ; සමිඳාණෝ ඔවුනට පරිහාස කරන්නාහ. තම කෝපයෙන් ඔවුනට තරවටු කරමින්, තම උදහස පා උන් බය ගන්වමින්, මෙසේ පවසන්නාහ. “සියොනෙහි මගේ ශුද්ධ කන්ද මත, මා තේරූ රජු කිරුළු පැලඳුවෙමි.”





