YouVersion Logo
Search Icon

ගීතාවලිය 18:35-50

ගීතාවලිය 18:35-50 SCV

ඔබ මට ගැලවීමේ පලිහ දෙන සේක. ඔබගේ සුරත මා උසුලා සිටියි. ඔබගේ මෘදුකම මා උසස් කර ඇත. මා ගමන් ගන්නා අඩි පාර ඔබ පුළුල් කළ සේක. එබැවින් මගේ පාද නො ලිස්සී ය. මම මගේ සතුරන් ලුහුබැඳ, ඔවුන් අල්ලා ගතිමි; ඔවුන් වනසා දැමෙන තුරු මම ආපසු නො හැරුණෙමි. නැගිටින්නට නො හැකි වන ලෙස මම ඔවුන් පොඩිකර දැමීමි; මගේ පා යට ඔවුහු වැටී ගියහ. යුද්ධයට ශක්තියෙන් මා සන්නද්ධ කළ ඔබවහන්සේ, මගේ එදිරිවාදීන් මගේ පයට යටවන්නට සැලසූ සේක. ඔබවහන්සේ මගේ සතුරන් හැරී පලා යන්නට සැලසූ සේක. මම මගේ එදිරිවාදීන් වනසා දැමීමි. ඔවුහු උදවු ඉල්ලා කෑ මොර දුන්හ; එහෙත් ඔවුන් ගලවන්නට කෙනකු නො වී ය. ඔවුන් ස්වාමින්වහන්සේට මොර ගැසූ නමුදු උන්වහන්සේ උත්තර නුදුන් සේක. සුළඟේ ගසා ගෙන යන ධූලි බවට පත් වන සේ මම ඔවුන් තළා දැමීමි. වීදිවල මඩ මෙන් මම ඔවුන් පාගා දැමීමි. ජනතාවගේ විරෝධතාවලින් ඔබ මා මුදා ලූ සේක; ජාතීන්ගේ හිස බවට ඔබ මා පත් කළ සේක. මා නො හැඳින සිටි ජනයා මට සේවය කරති. මා ගැන ඇසූ විගස ඔවුහු මට කීකරු වෙති. විදේශීහු මා ඉදිරියෙහි බැගෑපත් වෙති. දිරිය බිඳී ගිය විදේශීහු සැවොම වෙවුල වෙවුලා තම බළකොටුවලින් පිටතට එති. ස්වාමින්වහන්සේ ජීවත් වන්නාහ! මගේ පර්වතයාණන්ට පැසසුම් වේවා! මගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේ උසස් වේවා! මා උදෙසා පළි ගන්නා දෙවියන්වහන්සේ උන්වහන්සේ ය. උන්වහන්සේ ජාතීන් මට යටත් කරන සේක; මගේ සතුරන්ගෙන් මා ආරක්ෂා කරන්නේ උන්වහන්සේ ය. මගේ එදිරිවාදීන්ට ඉහළින් මා උසස් කළ සේක. සැහැසි මිනිසුන්ගෙන් ඔබවහන්සේ මා බේරූ සේක. එබැවින් අහෝ ස්වාමින්වහන්ස, ජාතීන් අතරේ මම ඔබ පසසමි. ඔබේ නමට මම පැසසුම් ගී ගයන්නෙමි. උන්වහන්සේ තම රජ්ජුරුවන්ට මහා ජයග්‍රහණ දෙන සේක. උන්වහන්සේ තම අභිෂේක ලද්දාණන් වන දාවිත්ට හා ඔහුගේ වංශයට සදාතනික නොමියෙන පෙමක් පානා සේක.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 18:35-50