YouVersion Logo
Search Icon

ගීතාවලිය 15

15
ගීතාවලිය 15
දාවිත්ගේ ගීතයකි.
1අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ශුද්ධ කූඩාරමේ නැවතී සිටින්නේ කවුරු ද?
ඔබගේ ශුද්ධ කන්දේ වාසය කරනු ඇත්තේ කවුරු ද?
2නිදොස්කමින් හැසිරෙන්නා ය;
දමිටු දේ ම කරන්නා ය;
මුළු හදින් ඇත්ත කතා කරන්නා ය;
3තම දිවෙන් නින්දා අපහාස නො කරන්නා ය;
තම අසල්වැසියාට වරද නො කරන්නා ය.
තම සගයාට එරෙහිව අවලාද නො නගන්නා ය;
4අධමයා පිළිකුල් කරන්නා ය;
ස්වාමින්වහන්සේට භයවූවන්ට ගරුකරන්නා ය.
අවාසි සහගත වූවත්,
තමා කළ දිවුරුම වෙනස් නො කරන්නා ය.
5පොලියක් නැතිව තම මුදල් ණයට දෙන්නා ය;
නිදොස් කෙනකුට එරෙහි වීමට අල්ලස් නො ගන්නා ය.
එලෙස ක්‍රියා කරන්නා
කිසි කල නො සැලෙන්නේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in