YouVersion Logo
Search Icon

ගීතාවලිය 146

146
ගීතාවලිය 146
1 ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.
එම්බා මගේ ආත්මය, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.
2මා ජීවත් වන තාක් කල් ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි;
මගේ ජීවිතය තියෙන තුරු මම මගේ දෙවියන්වහන්සේට පැසසුම් ගී ගයන්නෙමි.
3අධිපතීන් පිට විශ්වාසය නො තබන්න;
ගලවන්නට බලය නැති, මිනිසුන් වෙත විශ්වාසය නො තබන්න.
4ඔවුන්ගේ හුස්ම පිට ව ගිය කල, ඔවුහු ආපිට පොළෝ ගැබට හැරී යති;
හරියට ඒ දවසේ ම ඔවුන්ගේ සැලසුම් ද අභාවයට යයි.
5තමන්ගේ උපකාරය, යාකොබ්ගේ දෙවියන්වහන්සේ නම්,
තමන් බලාපොරොත්තුව, දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ නම්, එබන්දෝ භාග්‍යවත්හු ය.
6අහස ද පොළොව ද මුහුද ද
එහි ඇති සියල්ල ද සෑදුවේත්,
ඇදහිල්ල සදහට පවත්වන්නේත්,
7පීඩිතයින්ට යුක්තිය ඉෂ්ට කර දෙන්නේත්,
සාගිනිවූවනට අහර සපයා දෙන්නේත් උන්වහන්සේ ය.
ස්වාමින්වහන්සේ සිරකරුවන් නිදහස් කරන සේක.
8 ස්වාමින්වහන්සේ අන්ධයින්ගේ ඇස් විවර කරන සේක.
ස්වාමින්වහන්සේ පහතට නැමුණවුන් නගා සිටුවන සේක;
ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨයනට ප්‍රේම කරන සේක.
9 ස්වාමින්වහන්සේ ආගන්තුකයන් රැක බලාගන්නා සේක.
උන්වහන්සේ වැන්දඹුවන් හා පියා නැති අනාථයින් උසුලා දරන සේක;
එහෙත් උන්වහන්සේ දුෂ්ටයන්ගේ මාර්ග නැති-භංග කරන සේක.
10එම්බා සියොන, ස්වාමින්වහන්සේ, ඔබේ දෙවියන්වහන්සේ
සියලු පරම්පරා දක්වා සදහට ම රජකම් කරන සේක.
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න!

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in