YouVersion Logo
Search Icon

ගීතාවලිය 146:7-9

ගීතාවලිය 146:7-9 SCV

පීඩිතයින්ට යුක්තිය ඉෂ්ට කර දෙන්නේත්, සාගිනිවූවනට අහර සපයා දෙන්නේත් උන්වහන්සේ ය. ස්වාමින්වහන්සේ සිරකරුවන් නිදහස් කරන සේක. ස්වාමින්වහන්සේ අන්ධයින්ගේ ඇස් විවර කරන සේක. ස්වාමින්වහන්සේ පහතට නැමුණවුන් නගා සිටුවන සේක; ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨයනට ප්‍රේම කරන සේක. ස්වාමින්වහන්සේ ආගන්තුකයන් රැක බලාගන්නා සේක. උන්වහන්සේ වැන්දඹුවන් හා පියා නැති අනාථයින් උසුලා දරන සේක; එහෙත් උන්වහන්සේ දුෂ්ටයන්ගේ මාර්ග නැති-භංග කරන සේක.