YouVersion Logo
Search Icon

ගීතාවලිය 145:13-19

ගීතාවලිය 145:13-19 SCV

ඔබගේ රාජ්‍යය සදාතනික රාජ්‍යයකි; ඔබගේ ආධිපත්‍යය සියලු පරම්පරා දක්වා පවතී. ස්වකීය හැම වචනයකට ම විශ්වසනීය වූ ස්වාමින්වහන්සේ තමාගේ සියලු වැඩවලට විශ්වාසවන්ත ය. ස්වාමින්වහන්සේ වැටෙන සියල්ලන් උසුලන සේක; යටත් කරනු ලැබූ සියල්ලන් ඔසවන සේක. සියල්ලන්ගේ ඇස් ඔබ දෙස බලා සිටී; නිසි වෙලාවට ඔබ ඔවුන්ගේ අහර සපයා දෙන සේක. ඔබ නො මසුරු ව දෑත විදහා ජීවත් වන හැමගේ මනදොළ සපුරාලන සේක. ස්වකීය හැම මාර්ගයක ම ස්වාමින්වහන්සේ, ධර්මිෂ්ඨ ය. තමන් සෑදූ සියල්ලට ම විශ්වාසවන්ත ය. තමන්වහන්සේට යාච්ඤා කරන සියල්ලනට සැබෑවට තමන්වහන්සේට යාච්ඤා කරන සියල්ලනට ස්වාමින්වහන්සේ ළං ව සිටින සේක. තමන්වහන්සේට භය පක්ෂපාත ඇත්තන්ගේ සිත්හි ආශාව ඉටු කර දෙන උන්වහන්සේ, ඔවුන්ගේ මොර ගැසීම අසා ඔවුන් ගලවන සේක.