ගීතාවලිය 145:13-16
ගීතාවලිය 145:13-16 SCV
ඔබගේ රාජ්‍යය සදාතනික රාජ්‍යයකි; ඔබගේ ආධිපත්‍යය සියලු පරම්පරා දක්වා පවතී. ස්වකීය හැම වචනයකට ම විශ්වසනීය වූ ස්වාමින්වහන්සේ තමාගේ සියලු වැඩවලට විශ්වාසවන්ත ය. ස්වාමින්වහන්සේ වැටෙන සියල්ලන් උසුලන සේක; යටත් කරනු ලැබූ සියල්ලන් ඔසවන සේක. සියල්ලන්ගේ ඇස් ඔබ දෙස බලා සිටී; නිසි වෙලාවට ඔබ ඔවුන්ගේ අහර සපයා දෙන සේක. ඔබ නො මසුරු ව දෑත විදහා ජීවත් වන හැමගේ මනදොළ සපුරාලන සේක.





