ගීතාවලිය 145:10-13
ගීතාවලිය 145:10-13 SCV
ඔබගේ සියලු වැඩ, ඔබට ප්‍රශංසා කරයි, අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ සියලු ශුද්ධවත්හු ඔබට පැසසුම් දෙන්නෝ ය. ඔබගේ රාජ්‍යයේ තේජස ගැන ඔවුන් පවසනු ඇත; ඔබගේ බලය ගැන කතා කරනු ඇත. එසේ කරන්නේ, ඔබගේ පරාක්‍රමවත් ක්‍රියා ද ඔබගේ රාජ්‍යයේ තේජවත් ශෝභාශ්‍රීය ද ගැන සියලු මිනිසුන් දැනුවත් කරනා පිණිස ය. ඔබගේ රාජ්‍යය සදාතනික රාජ්‍යයකි; ඔබගේ ආධිපත්‍යය සියලු පරම්පරා දක්වා පවතී.





