YouVersion Logo
Search Icon

ගීතාවලිය 143:1-6

ගීතාවලිය 143:1-6 SCV

අහෝ ස්වාමින්වහන්ස, මගේ යාච්ඤාව ඇසුව මැනව, දයාව ඉල්ලා කරන මොර ගැසීමට සවන් දුන මැනව; ඔබගේ විශ්වාසවන්තකමින් හා ඔබගේ ධර්මිෂ්ඨකමින් මට උත්තර දුන මැනව. ඔබගේ සේවකයා විනිශ්චයට නො පැමිණෙවුව මැනව, මන්ද ජීවත් වන කිසිවකුත් ඔබ ඉදිරියේ ධර්මිෂ්ඨ නැත. සතුරා මා ලුහුබැඳ, බිම හෙළා පොළොවට පාගා දැමී ය; බොහෝ කලකට ඉහත මළගියවුන් සේ අඳුරේ වෙසෙන්නට ඔහු මට සැලසී ය. එබැවින් මගේ ආත්මය මා තුළ මැලවී යන්නට විය; මගේ හදවත මා තුළ ත්‍රස්ත විය. ඉස්සර දවස් මට මතක ය; ඔබගේ සියලු වැඩ ගැන මම මෙනෙහි කරමි; ඔබගේ අත්වල වැඩ ගැන ආවර්ජන කරමි. ඔබට මම මගේ දෑත දිගු කරමි; කරවූ බිමක් සේ ඔබ ගැන මම පිපාසිත වෙමි. සෙලා

Video for ගීතාවලිය 143:1-6

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 143:1-6