YouVersion Logo
Search Icon

ගීතාවලිය 139:1-6

ගීතාවලිය 139:1-6 SCV

අහෝ ස්වාමින්වහන්ස, ඔබ මා සෝදිසි කළ සේක්, මා කවුරුන්දැයි දැනගත් සේක. මගේ හිඳගැනීමත්, මගේ නැගිටීමත් දන්නා ඔබවහන්සේ, මගේ සිතුම් පැතුම්, දුර තියාම වටහා ගන්නා සේක. මගේ පිටත් ව යෑම් හා මගේ විවේක ගැනීම් ගැන විමසිල්ලෙන් සිටින ඔබ, මගේ මුළු ජීවිත රටාව ගැන මැනවින් දන්නා සේක. මගේ දිව අගට වචනයක් නැගෙන්නටත් පෙර, අහෝ ස්වාමින්වහන්ස, ඔබ මුළුමනින් ම එය දන්නා සේක. පසුපසින් ද ඉදිරියෙන් ද මා වටලාගෙන ඇති ඔබ, ඔබගේ හස්තය මා පිට තබා ඇත. එබඳු දැනගැන්ම මගේ වටහා ගැනීම ඉක්මවා යයි; මට ළඟා විය නො හැකි තරමට එය උසස් ය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 139:1-6