YouVersion Logo
Search Icon

ගීතාවලිය 131:1-3

ගීතාවලිය 131:1-3 SCV

මගේ හදවත උඩඟු නැත, අහෝ ස්වාමින්වහන්ස, මගේ නෙත් උදාරම් නැත; මහ ලොකු කටයුතු ගැනත්, මට අත පෙවිය නො හැකි බැරෑරුම් දෑ ගැනත්, මා මැදිවන්නේ නැත. මවකගේ උකුළේ සිටිනා කිරි වැරූ දරුවකු මෙන් මම, මා සන්සුන් කර, නිශ්චල කර ගෙන සිටිමි; මා තුළ මගේ ජීවය එබඳු දරුවකු වැන්න. එම්බා ඉශ්‍රායෙල්, දැනුත්, සදහටත් ස්වාමින්වහන්සේ තුළ බලාපොරොත්තු තබන්න.

Video for ගීතාවලිය 131:1-3