YouVersion Logo
Search Icon

ගීතාවලිය 129

129
ගීතාවලිය 129
ආරෝහණ ගීයකි.
1“මගේ යොවුන් වියේ පටන් ඔවුහු මට අපමණවත් පීඩා කළෝ ය”
ඉශ්‍රායෙල් දැන් මෙසේ කියත්වා–
2“මගේ යොවුන් වියේ පටන් ඔවුන් මට අපමණවත් පීඩා කළෝ ය;
එනමුත් මගෙන් ජය ගන්නට ඔවුන්ට හැකි නො වී ය.
3හී හාන්නෝ තම හීවිටි දිගු කරමින්,
මගේ පිට දිගට හෑවෝ ය.
4එහෙත් ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨ ය;
උන්වහන්සේ දුෂ්ටයන්ගේ බැඳුම් කපා දැමූ සේක.”
5සියොන් පුරයට වෛර වන සියල්ලෝ
ලජ්ජාවට පත් කරනු ලැබ, පසු පසට හැරෙත්වා!
6ඔවුන්, වැවෙන්නටත් කලින් වියළී යන
ගෙපියසි උඩ හටගන්නා තණකොළ මෙන් වෙත්වා;
7අස්වනු නෙළන්නා ඊට තම අත දිගු කරන්නේ නැත;
මිටි බඳින්නා, ඒවා බැඳ, එකතු කරන්නේ ද නැත.
8එතැන පසු කර යන කිසිවකුත්,
ස්වාමින්වහන්සේගේ ආශිර්වාද ඔබ පිට වේවා;
ස්වාමින්වහන්සේගේ නාමයෙන් අපි ඔබට ආශිර්වාද කරන්නෙමු” යි කියන්නේ නැත.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in