YouVersion Logo
Search Icon

ගීතාවලිය 120

120
ගීතාවලිය 120
ආරෝහණ ගීයකි.
1මගේ විපත්තියේදී මම ස්වාමින්වහන්සේට මොර ගැසීමි.
උන්වහන්සේ මට උත්තර දුන් සේක.
2බොරුකාර තොල්වලින් ද
වංචනික දිවෙන් ද මා ගැලෙවුව මැනව,
අහෝ ස්වාමින්වහන්ස.
3එම්බා වංචාකාර දිව,
නුඹට දෙනු ඇත්තේ මොනවා ද?
නුඹට තවත් කරනු ඇත්තේ කුමක් ද?
4රණශූරයාගේ තියුණු හී ගස් ය;
රොතෙම් ගසක දැවෙන ගිනි අඟුරු ය.
5විදෙස්ගත ව මෙෂෙක්හි පදිංචි ව සිටින මට,
කේදාර්හි කූඩාරම් අතර ජීවත් වන මට දුක් වේ!
6සාමයට ද්වේෂ කරන්නන් අතරේ
මා විසූ කාලය දිග වැඩි ය.
7මා සාමයට ය;
එහෙත් සාමය ගැන මා කතා කරන කල, ඔවුන් සැරසෙන්නේ යුද්ධයට ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in