YouVersion Logo
Search Icon

ගීතාවලිය 120:1-7

ගීතාවලිය 120:1-7 SCV

මගේ විපත්තියේදී මම ස්වාමින්වහන්සේට මොර ගැසීමි. උන්වහන්සේ මට උත්තර දුන් සේක. බොරුකාර තොල්වලින් ද වංචනික දිවෙන් ද මා ගැලෙවුව මැනව, අහෝ ස්වාමින්වහන්ස. එම්බා වංචාකාර දිව, නුඹට දෙනු ඇත්තේ මොනවා ද? නුඹට තවත් කරනු ඇත්තේ කුමක් ද? රණශූරයාගේ තියුණු හී ගස් ය; රොතෙම් ගසක දැවෙන ගිනි අඟුරු ය. විදෙස්ගත ව මෙෂෙක්හි පදිංචි ව සිටින මට, කේදාර්හි කූඩාරම් අතර ජීවත් වන මට දුක් වේ! සාමයට ද්වේෂ කරන්නන් අතරේ මා විසූ කාලය දිග වැඩි ය. මා සාමයට ය; එහෙත් සාමය ගැන මා කතා කරන කල, ඔවුන් සැරසෙන්නේ යුද්ධයට ය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 120:1-7