ගීතාවලිය 119:38-42
ගීතාවලිය 119:38-42 SCV
ඔබට භය පක්ෂපාත වන පිණිස, ඔබේ සේවකයාට ඔබේ පොරොන්දුව තහවුරු කළ මැනව. මා බය වන නින්දාව ඉවත හැරෙවුව මැනව; මන්ද ඔබගේ නියමයන් අගනේ ය. මෙන්න, ඔබගේ ශික්ෂාවනට මම කොතරම් ආශා වෙම් ද! ඔබගේ ධර්මිෂ්ඨකම තුළ මට ජීවනය දුන මැනව. ඔබගේ නොමියෙන ප්‍රේමය, ඔබගේ පොරොන්දුව ලෙස වූ ඔබගේ ගැලවීම, මා පිට පැමිණේවා! අහෝ ස්වාමින්වහන්ස, එවිට, මට ගර්හා කරන්නාට දෙන්නට උත්තරයක් මට ඇත්තේ ය; මන්ද මම ඔබගේ වචනය තුළ විශ්වාසය තබා ඇත්තෙමි.





