YouVersion Logo
Search Icon

ගීතාවලිය 116:4-7

ගීතාවලිය 116:4-7 SCV

එවිට මම ස්වාමින්වහන්සේගේ නාමයට හඬ ගැසීමි: “අහෝ ස්වාමින්වහන්ස, මා ගැලෙවුව මැනව!” ස්වාමින්වහන්සේ දයාන්විත ය; ධර්මිෂ්ඨ ය; අපේ දෙවියන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණ ය. ස්වාමින්වහන්සේ අව්‍යාජ සිතැත්තන් සුරකින සේක; මා දැඩි අසීරුතාවකට පත් අවස්ථාවේ, උන්වහන්සේ ඉන් මා ගැලවූ සේක. එම්බා මගේ ජීවය, යළිත් වරක් සැනසී සිටින්න; මන්ද ස්වාමින්වහන්සේ නුඹට ගුණවත් ය.