ගීතාවලිය 116:3-6
ගීතාවලිය 116:3-6 SCV
මරණයේ රැහැන්, මා වෙළා ගත්තේ ය, මළවුන්ගේ ලොවේ සෝ-සන්තාපය, මා පිට පැටවිණ; විපත්තිය හා ශෝකය, මා යට කර ගති. එවිට මම ස්වාමින්වහන්සේගේ නාමයට හඬ ගැසීමි: “අහෝ ස්වාමින්වහන්ස, මා ගැලෙවුව මැනව!” ස්වාමින්වහන්සේ දයාන්විත ය; ධර්මිෂ්ඨ ය; අපේ දෙවියන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණ ය. ස්වාමින්වහන්සේ අව්‍යාජ සිතැත්තන් සුරකින සේක; මා දැඩි අසීරුතාවකට පත් අවස්ථාවේ, උන්වහන්සේ ඉන් මා ගැලවූ සේක.





