ගීතාවලිය 115:11-13
ගීතාවලිය 115:11-13 SCV
උන්වහන්සේට භය පක්ෂපාත ඇත්තෙනි, ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න; මන්ද ඔවුන්ගේ උපකාරයත්, ඔවුන්ගේ පලිහත් උන්වහන්සේ ය. ස්වාමින්වහන්සේ අප සිහි කරන සේක; අපට ආශිර්වාද කරන සේක; උන්වහන්සේ ඉශ්‍රායෙල් වංශයට ආශිර්වාද කරන සේක; උන්වහන්සේ ආරොන් වංශයට ආශිර්වාද කරන සේක; ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ලොකු කුඩා සියල්ලනට උන්වහන්සේ ආශිර්වාද කරන සේක.





