ගීතාවලිය 114
114
ගීතාවලිය 114
1ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටතට ආ කල,
අමුතු බසක් කතා කරන ජනතාවක් වෙතින් යාකොබ් වංශික ජනයා පිටත් ව ආ කල,
2යූදා දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානය ද
ඉශ්‍රායෙල්, උන්වහන්සේගේ යටත් විජිතය ද බවට පත් විය.
3මුහුද ඒ බලා පලා ගියේ ය,
යොර්දාන් ගඟ ආපසු ගැලී ය;
4මහ කඳු, බැටළුවන් මෙන් ද
කඳු ගැට, බැටළු පැටවුන් මෙන් ද පැන නැටුවේ ය.
5එම්බා මුහුද, ඒ මක්නිසාද නුඹ පලා ගියේ?
එම්බා යොර්දාන්, මන්ද නුඹ ආපසු හැරුණේ?
6එම්බා කඳු, නුඹලා බැටළුවන් මෙන් ද
එම්බා කඳු ගැට, නුඹලා බැටළු පැටවුන් මෙන් ද පැන නැටුවේ ඇයි?
7එම්බා මහ පොළොව, ස්වාමින් ඉදිරියෙහි,
යාකොබ්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි වෙවුලන්න!
8උන්වහන්සේ පර්වතය, දිය පොකුණක් කරන සේක;
ගිනි-ගල්, දිය උල්පත් බවට හරවන සේක.
Currently Selected:
ගීතාවලිය 114: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: