ගීතාවලිය 11:1-3
ගීතාවලිය 11:1-3 SCV
ස්වාමින්වහන්සේ තුළ මම සරණ ලබමි. එසේ නම්, කෙලෙස කියන්නේ ද ඔබ මට, “කුරුල්ලකු සේ නුඹේ කන්දට පලා යනු කියා? බලන්න, හදින් අවංකවුනට විදින පිණිස, දුෂ්ටයෝ තමන්ගේ දුනු තැත් කවති, ඔවුහු අඳුරට මුවා වී, තම හී ගස්, දුනු-දියෙහි යොදති. පදනම් විනාශ කර දැමුණු කල, ධර්මිෂ්ඨයාට කළ හැක්කේ කුමක් ද?”





