ගීතාවලිය 107:17-22
ගීතාවලිය 107:17-22 SCV
ඇතැම්හු තම කැරලිකාරී මාර්ග නිසා, අඥාන බවට පැමිණියෝ, තම අයුතුකම් හේතු කොට හිංසා-පීඩා වින්දෝ ය. සියලු ආහාර ඔවුනට අප්පිරියා වී, ඔවුහු මරණයේ දොරටුවට ම ළං වූහ. එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ; උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක. උන්වහන්සේ ස්වකීය වචනය එවා, ඔවුන් සුව කළ සේක්, විනාශයෙන් ඔවුන් බේරා ගත් සේක. ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්, මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා! ඔවුහු ස්තුති පූජා යාග කරත්වා! ප්‍රීති ගීතයෙන් උන්වහන්සේ කළ දෑ පවසත්වා!





