YouVersion Logo
Search Icon

ගීතාවලිය 106:40-48

ගීතාවලිය 106:40-48 SCV

එබැවින් ස්වාමින්වහන්සේ තම ජනයා සමඟ කෝප වූ සේක්, තම උරුමය වූ එම ජනයා පිළිකුල් කළ සේක. උන්වහන්සේ, පිට ජාතීන් අතට ඔවුන් යටත් කළ නිසා, ඔවුන්ගේ එදිරිවාදීන් ඔවුන් පාලනය කරන්නට වන්හ. ඔවුන්ගේ සතුරෝ ඔවුන් පීඩනයට පත් කළෝ, තම බලයට ඔවුන් නතු කර ගත්හ. උන්වහන්සේ බොහෝ වාරයක් ඔවුන් මිදූ සේක; එහෙත් කැරලිකාරකමට ම නැඹුරු වූ ඔවුහු, තම පාප තුළ ම නැති නාස්ති වී ගියහ. එසේ වුව ද, ඔවුන්ගේ විලාපය ඇසුණු කල, උන්වහන්සේ ඔවුන්ගේ දුක්ඛිත තත්වය සැලකූ සේක. ඔවුන් උදෙසා තම ගිවිසුම සිහි කළ උන්වහන්සේ, ස්වකීය නොමියෙන ප්‍රේමයෙන් ඔවුනට මෙලෙක් බව දැක් වූ සේක. වහල්කමට ඔවුන් පත් කළ සියල්ලන් වෙතින් ඔවුනට අනුකම්පාව ලැබෙන්නට සැලසූ සේක. අහෝ ස්වාමින්වහන්ස, අපේ දෙවියන්වහන්ස, ඔබගේ ශුද්ධ නාමයට අප ස්තුති කරන පිණිසත්, ඔබගේ ප්‍රශංසාව, මහිමයට පමුණු වන පිණිසත් අප ගැලෙවුව මැනවි, පිට ජාතීන් වෙතින් අප එක් රැස් කළ මැනවි. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සදාතනයෙන් සදාතනයට පැසසුම් අත් වේවා!

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 106:40-48