YouVersion Logo
Search Icon

ගීතාවලිය 105:13-22

ගීතාවලිය 105:13-22 SCV

ඔවුහු එක් ජාතියක් වෙතින් තවත් ජාතියක් වෙතට ද එක් රාජ්‍යයක් වෙතින් තවත් එකකට ද සංක්‍රමණ වූහ. එකල ඔවුනට පීඩා කරනට කිසිවකුට ඉඩ නුදුන් උන්වහන්සේ, ඔවුන් උදෙසා රජුන්ට තරවටු කරමින්: “මගේ ආලේපය ලද්දවුන්ට අත නො තබනු; මගේ දිවැසිවරුනට අනර්ථයක් නො කරනු” යි කී සේක. උන්වහන්සේ දේශය පිට සාගතය කැඳවා, ඔවුන්ගේ සැපයුම්, සිඳ දැමූ සේක. උන්වහන්සේ ඔවුනට පෙරටුව මිනිසකු පිටත් කර යැවූ සේක. ඒ, වහලකු වශයෙන් විකුණන ලද යෝසෙප් ය. ඔහුගේ පා විලංගු ලූ ඔවුහු, ඔහුගේ ගෙල යදමින් බැන්දහ. ඔහු අනාවැකියෙන් පවසා තිබූ දෑ ඉටු වන තෙක්, ස්වාමින්වහන්සේගේ වචනය මගින් ඔහු සෝදිසි කරන ලදී. එවිට රජු, ඔහු නිදහස් කරවූයේ ය; ජාතීන්ගේ ආණ්ඩුකාරයා ඔහු නිදහස් කර යැවී ය. රජු තම ගෘහ වාසීන්ගේ ස්වාමියා වශයෙන්, තමන් සන්තක සියල්ලේ ආණ්ඩුකාරයා වශයෙන් ඔහු පත් කළේ, ඔහුට රිසි පරිදි රජුගේ අධිපතීනට උපදෙස් දෙන පිණිසත්, රජුගේ වැඩිහිටියනට ප්‍රඥාව උගන්වන පිණිසත් ය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 105:13-22