ගීතාවලිය 104:13-15
ගීතාවලිය 104:13-15 SCV
උන්වහන්සේගේ උදාර වාස භවනේ සිට උන්වහන්සේ කඳුවලට ජලය සපයන සේක; උන්වහන්සේගේ වැඩවල පලයෙන්, මහ පොළොව තෘප්තිමත් වෙයි. ඔබවහන්සේ ගව ආදී සතුන් සඳහා තෘණ වැඩෙන්නට සැලසූ සේක්; මිනිසාට වගා කරනට ගස් වැල් දුන් සේක; ඒවා පොළොවෙන් අහර හටගැන්වීමට ය; එනම්, මිනිසාගේ හද ඔකඳ කරන මිදි යුෂ ද ඔහුගේ වත එළිය කරවන තෙල් ද ඔහුගේ ගත සවිගන්වන ධාන්‍ය ද සඳහා ය.





