YouVersion Logo
Search Icon

ගීතාවලිය 103:14-18

ගීතාවලිය 103:14-18 SCV

මන්ද කෙසේ අප සාදන ලදදැයි උන්වහන්සේ දන්නා සේක, අප දූවිලි පමණක් වග උන්වහන්සේ සිහි කරන සේක. මිනිසාගේ දවස්, තෘණ වැන්න, ඔහු වැඩෙන්නේ බැද්දේ පිපෙන මලක් වගේ ය. මන්ද ඒ මතින් සුළඟ හැමූ කල, එය නැති වී ගොසිනි, එය තිබූ තැනවත් දැනගත නො හැක. එහෙත් ස්වාමින්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදාතනික ව පවතින්නේ, උන්වහන්සේට භය පක්ෂපාත ඇත්තන් වෙත ය; උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, ඔවුන්ගේ දරු පරපුර වෙත ය; උන්වහන්සේගේ ගිවිසුම රක්ෂා කරන්නන් හා උන්වහන්සේගේ ශික්ෂා පිළිපදින්නට මතක තබාගන්නවුන් වෙත ය.