YouVersion Logo
Search Icon

හිතෝපදේශ 8:32-36

හිතෝපදේශ 8:32-36 SCV

“එබැවින් මා පුත්‍රයිනි, මට සවන් දෙන්න; මගේ මාර්ග රක්ෂා කරන්නෝ භාග්‍යවන්තයෝ ය. මගේ උපදෙස් අසා, ප්‍රඥාවත් වන්න; ඒවා නො සලකා නො හරින්න. මගේ දොරකඩ නැවතී හිඳිමින්, මගේ දොරටු ළඟ බලා හිඳිමින්, මට සවන් යොමන මිනිසා භාග්‍යවත් ය. මන්ද මා සොයා ගන්නා කවරෙක් වුව, ජීවනය සොයා ගනී; හෙතෙම ස්වාමින්වහන්සේගෙන් ප්‍රසාදය ද ලබයි. එහෙත් මා සොයා ගන්නට අපොහොසත් වූ කවරෙක් වුව, තමාට ම හානිකර ගනී; මට වෛර වන සැවොම මරණයට ප්‍රේම වෙති.”

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 8:32-36